spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් ධාවනය අතිශය සීමා සහිත වෙයි

අලුත් අවුරුද්ද යෙදෙන අද දිනයේ බස් රථ ධාවනය අතිශය සීමා සහිත වන බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

පුණ්‍ය කාලය අද උදෑසන ආරම්භ වූ බැවින් යළි නැකත් වේලාවන් පසුවන තුරු බස් ධාවනය අතිශය සීමාවනු ඇති බවටයි ප්‍රකාශ කෙරුණේ.

වැඩ ඇල්ලීමේ නැකතින් පසුව ද බස් රථ ධාවනය මගී අවශ්‍යතාව මත පමණක් කොළඹ සිට පිට පළාත් දක්වා සිදුවනු ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ බස් රථ 25ක් හෝ 30ක් පමණ ධාවනය වීමට ඉඩ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?