බස් ටිකට් නොදුන් කොන්දොස්තරවරුන් 22 දෙනෙක්ට වැඩ වරදී

බස්නාහිර පළාත තුළ බස්රථවල ගමන් ගන්නා මගීන්හට ටිකට්පත් ලබාදීම ඊයේ (01) දින සිට අනිවාර්යකර තිබූ පසුබිමක ඊයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ටිකට් පත් ලබා නොදුන් කොන්දොස්තරවරුන් 22 දෙනෙක් හඳුනාගෙන ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ පවසනවා.

ඒ අනුව ඔවුන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් දඩ මුදල් පැනවීම සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ගත බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ බස් රථ 347ක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවට අනුව මෙම ක්රියමර්හය ගත බවයි වාර්තාවන්නේ.

බොහෝ බස් රථවල ලබාදෙන ප්‍රවේශ පත්‍රය එම බස් රථයට අදාළ නොවන බස් ටිකට් පත් බව හඳුනාගෙන ඇති බවද සභාපතිවරයා පවසනවා.

ටිකට් පත ලබා ගැනීමෙන් පසු එම ටිකට් පතේ සඳහන් අංකය සහ බස් රථයේ අංකය නිවැරදි දැයි පරීක්ෂාකර බලන ලෙස ඔහු මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ටිකට් පන ලබා නොදෙන්නේ නම් 070 28 60 860 යන දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ද මහජනතාවට දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42