බස් ගාස්තු 12.9%කින් පහළට

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු සියයට 12.9කින් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මීට පෙර ප්‍රවාහන අමාත්‍යංශංයට අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබාදී තිබුණේ රුපියල් 34ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කරන ලෙසටයි.

මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය වන බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් පහත දැමීමට පියවර ගන්නා බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවල ගාස්තු සංශෝධනය කෙරෙනු ඇති.

කාර්යාල ප්‍රවාහන සේවාවන්වල ගාස්තු ද අඩු කෙරෙන බවයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ කියාසිටියේ.

ඉන්ධන මිල පහළ දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බවයි.

එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ.

Bus1
Bus2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18