spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තුවේ වෙනසක් නෑ – ගැමුණු විජේරත්න (වීඩියෝ)

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනය ආකාරයෙන්ම බස් ගාස්තු සංශෝධනය මාසිකව සිදුකිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ඉල්ලීම් කරන බවයි ඔහු මෙහි දී කියා සිටියේ.

ඊයේ (01) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ සුදු ඩීසල් මිල රුපියල් 10.00කින් ඉහළ දැමුවා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62.00කින් ද මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?