spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) අද නිවේදනය කළා.

එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම ප්‍රකාශ කළේ ජුලි මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

පවතින බස් ගාස්තුව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර එය නොවෙනස්ව පවතින බව ද වෙල්ගම මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් බස් සංගම් ප්‍රකාශ කරන්නේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරමින් රජය මීට මැදිහත් විය යුතු බවයි.

කොරෝනා සමයේ බස් ගාස්තුවල වැඩිවීමක් සිදු වූ නිසා මෙවර බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?