බස්නාහිර, සබරගමුව ඇතුළු තවත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් විය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්