බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව රිට් පෙත්සමක්

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සභාවේ බහුතර බලය හිමි විපක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින්.

තමන්ට කවුන්සිලයේ බහුතරය හිමි බවටයි එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පෙත්සම මගින් සඳහන් කළේ.

ජුනි 17 වැනි දින පැවති මංගල රැස්වීමේ දී රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ගත් තීරණයට විරෝධය පළකරමින් මන්ත්‍රීවරුන් 24 දෙනකු සභා ගර්භයෙන් පිටව ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගණපූරණය නොමැති වූ බව පෙත්සම්කරුවෝ පවසනවා.

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම 17 වැනි දින කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේ ද විවෘත ඡන්දයක් පවත්වන්නේ ද යන්න සිදුකළ විමසීමේ දි එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කර තිබුණා.

ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා සිටියා.

එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළා.

කෙසේ වෙතත් පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළා.

ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදු වුණා.

එහෙත් එම තීරණයට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු සභා ශාලාවෙන් පිටව ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඝන පූරණයක් නොමැති වූ බැවින් සභාව කල් තබීමට සිදු වූ බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කර සිටියා.

එබැවින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු වගඋත්තරකරුවන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
23
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32