spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බසයක පිටුපස දොරෙන් එළියට ඇදවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගමන් ගත් පුද්ගලයෙක් එහි පිටුපස දොරෙන් එළියට ඇදවැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල සිට වාරියපොළ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය ගමන්කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (10) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථයෙන් එළියට ඇදවැටුණු පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 46ක රඹුක්කන, වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?