බසයක පිටුපස දොරෙන් එළියට ඇදවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගමන් ගත් පුද්ගලයෙක් එහි පිටුපස දොරෙන් එළියට ඇදවැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල සිට වාරියපොළ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය ගමන්කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (10) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථයෙන් එළියට ඇදවැටුණු පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 46ක රඹුක්කන, වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06