spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බසයක් සුව සැරියක ගැටී ඒ සුවසැරියෙන්ම රෝගීන් රෝහල් යයි

මහියංගනය-මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව බස් රථයේ රියදුරු, එහි හිමිකරු සහ තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ පහළ මාර්ගයේ 1990 සුවසැරිය ගිලන් රථයක් ගමන්කරමින් තිබුණ ද එයට ඉන් අනතුරක් සිදුව නොමැති අතර පසුව තුවාලකරුවන් එම ගිලන් රථයෙන්ම ප්‍රතිකාර සඳහා රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
4
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?