spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බසයක් පෙරළී මස 06ක බිළිඳෙක් මරු තුරුලට

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේ ඊයේ (09) පස්වරුවේ සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර – මහියංගනයට ධාවනය වූ පෞද්ගලික බස් රථයක තිරිංග ක්‍රියාවිරහිත වීම හේතුවෙන් රියදුරු විසින් රථය අසල කන්දක් දෙසට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කන්දේ ගැටුණු බස් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා හසලක රෝහලට ඇතුළත්කර ඇති අතර, තවත් පිරිමි පුද්ගලයින් 07ක්, කාන්තාවන් 10ක් සහ කුඩා ළමුන් තිදෙනෙක් මහියංගනය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහලට ඇතුළත් කළ වයස මස 06ක කුඩා දරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන්දනා ගමනක් ගොස් නැවත යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?