spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බවුමාගේ කටු ඔටුන්න තාවකාලිකව ඒඩන් මාක්‍රම්ට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක්දින නායක ටෙම්බා බවුමා සහ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා මේ මස අගදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා.

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියෙන් පසුව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට සූදානම් වීම සඳහා ඔවුන් දෙදෙනා ඒ අනුව විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමට ඒඩන් මාක්‍රම්ට භාර දී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ශුක්‍රි කොන්රාඩ් මාධ්‍ය හමුවකදී පැවසුවේ ඉන්දියාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලිය තුළ ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙන බවයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ලෝක ටෙස්ට් ශූරතාවලිය ඉන්දියාවට එරෙහි තරඟාවලිය සමඟින් ආරම්භ කරනවා.

372229.1
372228.1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?