බලුකිස්තානය පාකිස්තානයේ කොටසක් නොවන බව යළි අවධාරණය කෙරේ

බලුකිස්තානය “කිසිදා පාකිස්තානයේ කොටසක් නොවනු ඇත” යනුවෙන් බලුකිස්තානය ජාතික ව්‍යාපාරයේ (BNM) තොරතුරු ලේකම් කාසි ඩැඩ් මොහොමඩ් රෙහාන් ජූලි 13 ප්‍රකාශ කළා.

පකිස්ථාන හමුදාව ඉලක්ක කරගත් සම්බන්ධීකරණ සන්නද්ධ ප්‍රහාර මාලාවක් වන “බාම් මෙහෙයුම” දියත් කිරීම පිළිබඳ ANI ප්‍රවෘත්ති ඒජන්සිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබුණා.

මෙහෙයුම පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ආරම්භ වූ අතර එය පන්ජ්ගුර්, සුරබ්, කෙච් සහ ඛරන් ඇතුළු ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වී තිබෙනවා.

බලුකිස්තාන විමුක්ති පෙරමුණ (BLF) විසින් කලාපයේ පකිස්ථානයේ හමුදා පැවැත්ම බිඳ දැමීම අරමුණු කර ගෙන මෙම මෙහෙයුම දියත් කරනු ලැබුවා.

‘උදාව’ යන අර්ථය ඇති බාම් මෙහෙයුම අපගේ අරගලයේ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරනවා.

එය පෙන්නුම් කරන්නේ බලුකිස්තාන ජනතාව තම ඉරණම පාලනය කිරීමට සහ සංවිධානාත්මක, ඵලදායී ක්‍රියාමාර්ගයක් හරහා පකිස්ථාන පීඩනයට එරෙහි වීමට සූදානම් බවයි,” රෙහාන් ANI සමග පැවසුවා.

රෙහාන් ගෝලීය ප්‍රජාවට ආයාචනා කළේ “බලුකිස්තානයේ අරගලය සාධාරණ හා නොවැළැක්විය හැකි බව ලෝකය තේරුම් ගත යුතු යැයි පවසමින්.

“බාම් මෙහෙයුම” යටතේ පන්ජ්ගුර්, සුරබ්, කෙච් සහ ඛරාන් යන ප්‍රදේශවල අවම වශයෙන් ප්‍රහාර 17 ක් වාර්තා වූ අතර, සන්නිවේදන ජාල, පරිපාලන ගොඩනැගිලි සහ හමුදා මුරපොලවල් වලට හානි සිදු වුණා.

මෙම මෙහෙයුම බලුච් ජාතික විමුක්ති අරගලයේ නව පරිච්ඡේදයක් ලෙස හැඳින්වූ බීඑල්එෆ් ප්‍රහාරයේ වගකීම භාර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14