බලහත්කාරයෙන් බියර් ඉල්ලූ කොස්තාපල්ට රෝහල් ගත වෙන්නම ප්‍රහාරයක්

බියර් අලෙවිසැලකින් බලහත්කාරයෙන් බියර් ඉල්ලා සිටිය දී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව සිදුකළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාසයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් බවයි කොබෙයිගනේ පොලීසිය සඳහන් කළේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා දින 03ක නිවාඩුවක් ලබා ඉකුත් 22 වෙනිදා නිවසට පැමිණ ඇති අතර, පසුගිය 24 වෙනිදා සවස ඔහු තම මිතුරෙකු සමඟ කොබෙයිගනේ නගරයේ ඇති බියර් අලෙවිසැලක් වෙත ගොස් තිබුණා.

එහිදී ඔවුන් බලහත්කාරයෙන් බියර් ඉල්ලා ඇති අතර, එම අවස්තාවේ දී මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් තුවාල ලබා රෝහල් ගතකර සිටින කොස්තාපල්වරයා පොලිසියට පවසා ඇත්තේ තමන් මිතුරෙකු සමඟ බියර් මිලදී ගැනීම සදහා එහි ගිය අවස්ථාවේදී බියර් හලේ හිමිකරු සහ මිතුරා අතර බහින් බස්වීමක් සිදුවූ බවත්, එම ගැටුම නිරාකරණය කිරීමට මැදිවූ අවස්ථාවේදී මෙම පහරදීම සිදු වූ බවයි.

එම ගැටුම සිදුවන අවස්ථාවේ දී තමා පැළඳ සිටි පවුම් 03ක් බර රන් මාලයක්, පවුම් 02ක් බර අත් පළඳනාවක් සහ රුපියල් 160,000 ක් වටිනා ජංගම දුරකථනය ද කිසියම් අයෙකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවද රෝහල් ගත කර සිටින කොස්තාපල්වරයා පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ගැටුම සිදුවන විට කොස්තාපල්වරයා රන් මාලයක් සහ අත්පළදනාවක් පැළඳ සිට නොමැති බව එම ස්ථානයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී කොබෙයිගනේ පොලීසියේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි කොබෙයිගනේ පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29