spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලශක්ති ඇමති විදුලිබල මණ්ඩලයේ පාලක මැදිරියට

පසුගිය සෙනසුරාදා සිදු වූ දීප ව්‍යාප්ත විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුව අනාවරණ කර ගැනීමට සහ සත්‍යාපනය කිරීමට පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ විදුලි විසන්ධි වීමට හේතුව සහ ඊට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා තමා සඳුදා ලංකා විදුලිබල මණ්ඩලයේ පාලක මැදිරියට ගිය බවයි.

එහිදී පද්ධති පාලන ඉංජිනේරුවන් සහ නිලධාරීන් විදුලිය විසන්ධි වීමට තුඩු දුන් සිදුවීම් සහ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු ට්විටර් සටහන මගින් සඳහන් කළේ විදුලිය විසන්ධි වීමට නිශ්චිත හේතු නිශ්චය කර ගැනීමට සහ සත්‍යාපනය කිරීමට පරීක්ෂණ සිදු වෙමින් පවතින බවයි.

අනාගත අවහිරතා මඟහරවා ගැනීම සඳහා පද්ධති පාලනය සහ විමර්ශනවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දුන් බව ද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?