බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

සංවිධානාත්මක කණ්ඩායම් විසින් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවල ආරක්ෂාව සඳහා ඉන්ධන බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්