බලය අල්ලන ගමන නවතා වැග්නර් හමුදා පසුබසී

රුසියාවේ මොස්කව් නුවර පාලන බලය අල්ලා ගැනීමේ අරමුණින් පැමිණි වැග්නර් කුලී හමුදාව සිය මෙහෙයුම අත්හැර දමා යළි බෙලරූස් බලා පසු බැසීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

වැග්නර් කුලී හේවා කැරලිකරුවන්ගේ ප්‍රධානියා මොස්කව් වෙත තම හමුදා ඉදිරියට යාම නතර කිරීමෙන් පසු බෙලරූස් බලා පිටත්ව යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

නායක යෙව්ගනි ප්‍රිගොෂින් රුසියානු හමුදාවට එරෙහි ඔහුගේ කැරැල්ල නතර කිරීමෙන් පසු වැග්නර් සමූහය ලෙස හඳුන්වන කුලී හේවායන් කණ්ඩායම ඉවත් වී නැවත ඔවුන්ගේ කඳවුරු වෙත පැමිණෙමින් සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.

ක්‍රෙම්ලිනය පවසන්නේ Yevgeny Prigozhin සහ ඔහුගේ හමුදාවන්ට එරෙහිව නඩු නො පවරන බවයි.

මේ වන විට වැග්නර් සටන්කාමීන් ඔවුන්ගේ කැරැල්ල ආරම්භ වූ දකුණු රොස්ටොව්-ඔන්-ඩොන් නගරයෙන් පිටවීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

රුසියාවේ රථ වාහන ගමනාගමනයට මින් පෙර පනවා තිබූ සියලුම සීමා කිරීම් Wagner හමුදා පසුබැසීමෙන් පසුව ඉවත් කර ඇති බව රුසියාවේ පුවත් වාර්තා සඳහන් කළා.

වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා සහ ඔහුගේ සටන්කාමීන් විසින් පාලනය අත්පත් කරගත් රොස්තොව්-ඔන්-ඩොන් නගරයෙන් පිටව යන ආකාරය ඡායාරූපගත කර තිබුණා.

Yevgeny Prigozhin නගරයේ දිස්ත්‍රික් හමුදා මූලස්ථානයෙන් පලා යමින් සිටි බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කර ඇත්තේ.

රුසියානු රාජ්‍ය මාධ්‍යවලට අනුව, ප්‍රොගොෂින් රුසියාවෙන් බෙලරුසියාවට පිටත්ව යාමට නියමිත අතර ඔහුට සහ ඔහුගේ වැග්නර් හමුදාවන්ට එරෙහි සියලු චෝදනා බලධාරීන් විසින් ඉවත් කරනු ඇතැයි ද සඳහන්.

වැග්නර් කුලී හමුදාවේ නායක ප්‍රිගොෂින් රුසියානු හමුදාවට එරෙහිව කැරැල්ලක් සිදු කරන බවට ප්‍රකාශ කළ අතර ප්‍රධාන හමුදා මුරපොලක් වන රොස්තොව් හි බලය ද අත්පත් කර ගනු ලැබුවා.

ප්‍රිගොෂින් ඊයේ ප්‍රකාශ කළේ ඔහුගේ හමුදා භටයින් 25,000 ක් යුක්රේනයේ සිට දේශ සීමාව තරණය කර රුසියාවට පැමිණෙන බවයි.

ක්‍රෙම්ලිනයට එරෙහිව විවෘතව කැරලි ගැසූ වැග්නර් කණ්ඩායම සමඟ රුසියාව සිවිල් යුද්ධයක අභියස සිටින බවටයි සැක කෙරුණේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ ජාතිය අමතමින් Prigozhin ගේ ක්‍රියාවන් දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙසට හඳුන්වමින් හෙළා දකිනු ලැබුවා.

වැග්නර් කුලී හමුදාව සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර පැවති සාකච්ඡාවලින් පසු කලහකාරී තත්වය උත්සන්න වූ බවයි වාර්තා වන්නේ.

තවදුරටත් මොස්කව්හි ආරක්ෂාව තර කර ඇති අතර නගරාධිපතිවරයා නිවැසියන්ට පැවසුවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

සියලුම එළිමහන් උත්සව ජූලි 1 දක්වා අවලංගු කර තිබෙනවා.

රුසියාවේ මෙම අවුල් සහගත තත්වය ගැන යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් ඉතා සමීප අවධානයක් යොමු කරමින් සිටිනවා.

පෙන්ටගනය මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය පැය කිහිපය තුළ කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල ආරක්ෂක අමාත්‍යවරුන් සමඟ තත්වය සාකච්ඡා කළ බවයි.

එක්සත් ජනපදයෙන් යුක්රේනයට ලැබෙන සහයෝගය වෙනස් නොවන බව ද එරට ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ද ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් හමුවී රුසියාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව ඔහුගේ කාර්යාලය සඳහන් කළා.

වැග්නර් සමූහය (PMC Wagner) තමන් හඳුන්වා ගනු ලබන්නේ පුද්ගලික හමුදා සමාගමක් ලෙසටයි.

එය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 2014 වසරේ දී නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී බෙදුම්වාදී බලවේගවලට සහාය දෙමින් සිටියදීයි.

එතැන් සිට, ඔවුන් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර යුක්රේනය තුළ රුසියාවේ ප්‍රහාරවල ප්‍රධාන කොටසක් ඉටු කරනු ලැබුවේ ද වැග්නර් හමුදාවයි.

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ 2022 දී වැග්නර් හමුදාවට විශාල වශයෙන් සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ කළේ රුසියාවට තම නිත්‍ය හමුදාව සඳහා පුද්ගලයින් සොයා ගැනීමේ ගැටලුවක් ඇති වූ බැවින් බවයි.

යුක්රේනයේ සිටින වැග්නර්ගේ භටයන්ගෙන් 80% ක් පමණ පිරිසක් සිරගෙවල්වලින් ලබාගෙන ඇති බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය මේ වසර ආරම්භයේදී හෙළි කළා.

යුක්‍රේනයේ, බක්මුත් නගරය යුක්‍රේන හමුදාවෙන් අත්පත් කර ගැනීමේ මාස 11ක දිගු සටනේදී වැග්නර් හමුදා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.

යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගුට චෝදනා කළ වැග්නර් ප්‍රධානියා සඳහන් කළේ ඔහු මෙම ප්‍රහාර සිදු කරනු ලැබුවේ හමුදා ගෞරවය ලබා ගැනීමට බවයි.

එමෙන්ම ප්‍රිගොෂින් පසුව යුක්තිය සඳහා පෙළපාලිය ආරම්භ කළ අතර සිකුරාදා රුසියාව මිසයිල ප්‍රහාරයකින් තම හමුදාවන්ට පහර දුන් බවට ද ක්‍රෙම්ලිනයට චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
17
+1
1
+1
3
+1
7
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23