බලපත්‍ර අහෝසි කරන්න හැදූ නිසා හිඟ සුරා බදු රජයට ලැබෙයි

හිඟ සුරා බදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට සිදු කළ නිර්දේශය හේතුවෙන් මේ මස හිඟ සුරා බදු ලෙස මිලියන 198ක මුදලක් රජයට ලැබී තිබෙනවා.

ඉතිරි හිඟ බදු ගෙවීමට සමාගම්වල එකඟතා පලවී ඇති අතර සමාගම් වසා බදු ගෙවීම මග හැරීම වැලැක්වීමට තැන්පතු මුදලක් අය කර ගැනීමටයි යෝජනා වී ඇත්තේ.

ව්‍යාජ ස්ටිකර් හඹා ගොස් ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් නිර්දේශ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට ඒ ව්‍යාජ ස්ටිකර් භාවිතය අඩු වී තිබෙන බවත්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළා. එමෙන්ම ඒ ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ නැංවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. මත්පැන් බෝතල්වල ඇත්තේ ව්‍යාජ ස්ටිකර් පමණක් නොවන බවට සහ කසිප්පු නිෂ්පාදනය වී ඒවා නිල අරක්කු ලෙස විකිණෙන බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් කළ අනතුරු ඇඟවීම දොම්පේ ප්‍රදේශයේ පසුගියදා වටලන ලද ස්කාගාරය මගින් සනාථ වූ බව ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

හිඟ සුරා බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නිර්දේශය නිසා සමාගම් ගණනාවක් හිඟ බදු ගෙවීමේ එකඟතාවයකට පැමිණ 2023 වසරේ හිඟ සුරාබදු ගෙවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම, ෆින්ලන්ඩ් නිෂ්පාදනාගාරය, සිනජි නිෂ්පාදනාගාරය හා රන්දෙනිගල නිෂ්පාදනාගාරය යන ආයතන 2023 වසරට අදාළ හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.1ක මුදල සහ ප්‍රමාද ගාස්තු 2023.12.31 වන දින වන විට වාරික 9 කින් ගෙවා නිම කිරීමටයි එකඟ වී ඇත්තේ. ඒ අනුව පසුගිය 6 වනදා මෙම සමාගම් 4 විසින් රුපියල් මිලියන 198 ක මුදලක් ගෙවා ඇති බවත් දෙසැම්බර් 31 දිනට එම සමාගම් 4හි ඉතිරි හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.056 ක මුදල ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළා.

එමෙන්ම 2023 වසරට පෙර සිට පැවත එන හිඟ බදු අය කර ගැනීමට, හිඟ බදු ගෙවීම් සැලසුමක් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන බවයි කාරක සභාවේදී අනාවරණය වූයේ. හිඟ බදු ගෙවීමේ ප්‍රගතිය සතියෙන් සතිය කාරක සභාව වෙත වාර්තා කරන ලෙසද, ගෙවීමට ඇති හිඟ බදු මුදල පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් මාසිකව කාරක සභාව වෙත ලබා දෙන ලෙසද, මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පවරා ඇති නඩු කටයුතුවල ප්‍රගතිය පිළිබඳ කාරක සභාව වෙත වාර්තා කරන ලෙසද කාරක සභා සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදන කටයුතු අතරමග නැවැත්වීම හේතුවෙන් හිඟ බදු අය කර ගැනීමට නොහැකි වී ඇති අතර එම බදු ගෙවීම පැහැර හැරීම වලක්වා ගැනීම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වල මාස 6ක නිෂ්පාදන ධාරිතාවයට සමාන මුදලක් නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමේදී හෝ බලපත්‍ර අලුත් කිරීමේදී තැන්පතුවක් ලෙස ලබා ගැනීමට හැකි වන ලෙස නීතිමය සංශෝධන ගෙන එන ලෙසටයි කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කළේ.

සැප්තැම්බර් 15 වෙනිදායින් අවසන් වූ, විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේදී වටිනාකම් අඩුවෙන් දැක්වීම, ලියාපදිංචියෙන් වසරකට වඩා පැරණි වාහන ආනයනය කිරීම, ආනයනය කරනු ලබන වාහන වසර 2ක් ගතවන තුරු වෙනත් පාර්ශවවලට පැවරිය නොහැකි නමුත් එම කාලසීමාව ඉකුත් වීමට පෙර වාහන පැවරීම වැනි විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා විගණකාධිපතිවරයාගෙන් වෝහාරික විගණන වාර්තාවක් ඉල්ලා සිටි බවයි කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේ.

නීතිවිරෝධීව මෙරටට ගෙන එන රත්‍රන්වලට තුන් ගුණයක දඩ පැනවීමේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය භාවිතා කළේ නම් රුපියල් බිලියන 1.3ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබූ බවද කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඉදිරියේදී නීති විරෝධීව මෙරටට ගෙන එනු ලබන ග්‍රෑම් 100ට වැඩි රත්‍රන් සඳහා භාණ්ඩයේ වටිනාකම මෙන් තුන් ගුණයක දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන ලෙසටයි, මෙහිදී කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ කළේ.

ආනයනය කරනු ලබන භාණ්ඩ වැරදි ලෙස ඉන්වොයිසිගත කිරීම මගින් රටට විශාල විදේශ විනිමයක් අහිමි වීම වැලැක්වීමට Global Integrity Report හි සඳහන් වී ඇති ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් කාරක සභාව එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර කාරක සභාවට වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කළ අතර එම ක්‍රමවේදය රේගුවේ ASYCUDA පද්ධතිය හා අන්තර්සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය බිලියන 1200ක් බවද මේ වන විට ඉන් බිලියන 800ක් උපයා ඇති බවද, පසුගිය මාසයේදී ඉතිහාසයේ වැඩිම මාසික ආදායම වන මිලියන 109ක් ඉපයීමට රේගුව සමත් වී ඇති බවද මෙහිදී අනාවරණය වුණා. මෙම ආදායම් වැඩි වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කොට ඒ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන මෙන් කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09