spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලංගොඩ හැටන් මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමේ අවදානමක්

බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ පඹගොල්ල ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටීමේ අවදානමක් මතුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) සවස ප්‍රධාන මාර්ගයට ඉහළින් තේ වතු යායේ භුමියේ විශාල ප්‍රදේශයක නාය යාමක් සක්‍රිය වී ඇති බවයි.

තවදුරටත් තද වැසි පැවැතියහොත් මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වීමේ තත්ත්වයක් මතුව තිබෙනවා.

කිලෝමීටර් 18 සහ කිලෝමීටර් 19 අතර කොටසේ මෙම අවදානම් තත්ත්වය මතුව ඇති සඳහන්.

මෙම මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මහ ජනතාවකල්පනාකාරීව මාර්ගය භාවිතා කරන ලෙසටයි අදාළ බළධාරින් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?