බලංගොඩ සජබ ආසන සංවිධායකයා, අද සිට පොහොට්ටුවේ ආසන සංවිධායකයා වෙයි

සමගි ජන බලවේගයේ බලංගොඩ ආසනයේ හිටපු සංවිධායක ලෙස කටයුතු කළ සුරංග මැනික් විජේතුංග අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලංගොඩ ආසනයේ සංවිධායකවරයා ලෙස ද ඔහු පත්වීම් ලබා ගත්තා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අතින්.