බලංගොඩ පාළු නිවසක කාන්තා මළ සිරුරක් එල්ලෙයි

බලංගොඩ – රාස්සගල මාර්ගයේ වැවේවත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක එල්ලෙමින් තිබිය දී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක් මත බලංගොඩ පොලිසිය විසින් ඊයේ (23) පස්වරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකගේ මළ සිරුරක් බවට හඳුනාගෙන ඇති අතර, 33 හැවිරිදි වියේ පසු වූ ඇය දෙදරු මවක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බලංගොඩ මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර,සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06