බයිඩ්න් ඊශ්‍රායලයට ඩොලර් බිලියන 08ක ආයුධ තොගයක් යැවීමට සැලසුම් කරයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 08ක ආයුධ තොගයක් යැවීමට සැලසුම් කර තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ; බයිඩ්න් සිය ජනාධිපති ධුර කාලය අවසන් වීමට සති දෙකක් පමණක් තිබියදී මෙම තීරණය ගෙන ඇති බවයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කිරීමක් ද සිදු කරනු ලැබුවා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධයට සහාය දැක්වීම පිණිසයි බයිඩ්න් මෙම තීරණය ඊශ්‍රායලය වෙනුවෙන් ගෙන ඇත්තේ.

ඒ අනුව ඊශ්‍රායලයට මිසයිල, ෂෙල් වෙඩි සහ සෙසු යුදෝපකරණ හිමිගැන්වීමට සෙනෙට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධයේ දී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව හේතුවෙන් ඊශ්‍රායලයට මිලිටරි පිටුබලය අත්හිටුවීමට කරන ලද ඉල්ලීම් වොෂින්ටනය ප්‍රතික්ෂේප කර ඇති බවත් බීබීසී මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අගෝස්තු මාසයේ දී එක්සත් ජනපදය ඊශ්‍රායලයට ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් හමුදා උපකරණ ඩොලර් බිලියන 20ක් විකිණීමට අනුමත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39