බයිඩ්න්ගේ පිළිකා තත්ත්වය ගැන අසා ඔබාමා කම්පා වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න් හට දරුණු ගණයේ පිළිකා රෝගී තත්ත්වයක් වැළඳී ඇති පුවත ඇසීමෙන් තමන් සහ සිය බිරිඳ මිෂෙල් ඔබාමා දැඩි ලෙස කම්පා වෙමින්, බයිඩ්න්ගේ පවුල පිළිබඳ ව කතා කරමින් සිටින බව හිටපු ජනපති බරාක් ඔබාමා පවසනවා.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඔබාමා පවසන්නේ, පිළිකා රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය කරන ප්‍රබල ප්‍රතිකාර සොයා ගැනීමට ජෝ තරම් කිසිවෙකු රට තුළ වැඩියමක් සිදු කර නොමැති බවයි.

එබැවින් සිය අධිෂ්ඨානය සහ කරුණාවෙන් ජෝ බයිඩ්න් වන තම මිතුරා ඔහුගේ රෝගී තත්ත්වයට එරෙහිව සටන් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔබාමා පවසනවා.

එබැවින් ජෝ බයිඩ්න් හට ඉක්මන් සුවය ලැබීමට තමන් ඇතුළු පවුලේ උදවිය යාච්ඤා සිදු කරන බවත් X සටහනේ දැක්වෙනවා.

ජෝ බයිඩ්න්ට පුරස්ථිති ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති අතර එය මේ වනවිට අස්ථි දක්වා ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මූලාශ්‍රය – https://x.com/BarackObama x ගිණුම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03