spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඹර ප්‍රහාරයකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකට ලක්ව 12 හැවිරිදි කුඩා දරුවෙක් මිය යාමේ සිද්ධියක් උහන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (02) දහවල් කාලයේ උහන, කෝමරිය ප්‍රදේශයේ ගසක තිබූ බඹර කූඩුවක් උකුස්සන් විසින් කඩා දැමීමත් සමඟ බඹරුන් ඇවිස්සී මෙම දරුවා බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා අම්පාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෘත ශරීරය අම්පාර රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?