spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඹර කන්ද දිය ඇල්ලේදී සරසවි සිසුවෙක් මරුට

බඹර කන්ද දිය ඇල්ලේ පිහිටි දිය වළකට වැටීමෙන් සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සිසුවෙක්.

ඔහු බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට මිතුරන් පස් දෙනකු සමග පැමිණ දිය ඇල්ල ඉස්මත්තේ දියනාමින් සිටි අතරතුර ඔහු මෙලෙස ගැඹුරු දිය වළකට ලිස්සා වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි සඳහන්.

මෙම සරසවි සිසුන් කණ්ඩායම දිය ඇල්ල නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන වැලි වංගුව හරහා වෙනත් මාර්ගයකින් දියඇල්ල පරිශ්‍රයට පිවිසී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මියගිය සරසවි සිසුවාගේ මරණ පරීක්ෂණය හල්දුම්මුල්ල දිසා රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?