බම්බලපිටිය සහ වැල්ලවත්ත පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානවලට පිවිසෙන පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ පාලම මාස 06ක් ඇතුළත ඉදිකිරීමේ කොන්දේසිය මත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

1 2