spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බම්බලපිටියේ බස් රථයක් පෙරළී දරුණු අනතුරක් (වීඩියෝ)

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටී පෙරළී ගොස් අද (14) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිසුවන අවස්ථාවේ දී බස් රථය තුළ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

බස් රථය ආලෝක සංඥා නොතකමින් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
5
+1
5
+1
12
+1
7
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?