බම්බලපිටියේ දී ගුවන් සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

බම්බලපිටිය පොලිස් වසමේ ෆොන්සේකා පෙදෙසේ දී හමුදා සෙබළෙක් අද (04) දහවල් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, අබේපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයෙක් බවයි.

මෙම සෙබළා රාජකාරියේ නිරතව සිටිය දී ෆොන්සේකා පෙදෙසේ පාළු නිවසක් අසල දී සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු එය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16