spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බම්බලපිටියේ දී ගුවන් සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

බම්බලපිටිය පොලිස් වසමේ ෆොන්සේකා පෙදෙසේ දී හමුදා සෙබළෙක් අද (04) දහවල් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, අබේපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයෙක් බවයි.

මෙම සෙබළා රාජකාරියේ නිරතව සිටිය දී ෆොන්සේකා පෙදෙසේ පාළු නිවසක් අසල දී සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු එය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
2
+1
2
+1
26
+1
8
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?