කසන්තුරයේ සිට පැමිණි යාල් දේවි දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමතින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන නියාමකවරයා අද (25) දින අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු ඔහු අනුරාධපුරය පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර වෙනත් නියාමකවරයෙකු යොදවා අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා යාල් දේවි දුම්රිය ධවනට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.














අපේ අනිත් engine drivers ලා strike එකක් කරයිද දන්කන් නැ මෙයාව බේරගන්න.