බන්ධනාගාර රැඳවුවන්ගේ නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ ඇරඹෙයි

පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂී අංගයක් වූ බන්ධනාගාරගත නේවාසිකයින්ගේ කුසලතා, හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් බන්ධනාගාර රැඳවුවන්ගේ නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ කුසලතා ප්‍රදර්ශනය මෙම මස 15, 16 සහ 17 යන දිනවල දී පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (15) දින පෙරවරු 9.00 ට ප්‍රදර්ශනය ආරම්භ වන බවයි අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙරට බන්ධනාගාර 28ක රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මෙහිදී මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාව තුළ දී ඔවුන් සතුව පවතින දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය,සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, විවින් අංශය, මැහුම් අංශය සහ පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සඳහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

රැඳවියන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක වැනි දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි ඇතුළු කම්මල් භාණ්ඩ, ඇඳ ඇතිරිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා, ඇඳ අතිරිලි ඇතුළු මැහුම් නිර්මාණ, කාබනික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩ ඉරිඟු, එළවලු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඇතුළු නිෂ්පාදන මෙහිදී මිල දී ගැනීමේ හැකියාව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14