බන්ධනාගාර රැඳවියන්ටත් සූම් පහසුකම ලැබෙයි

අඟුණකොළපැලැස්ස, වැලිකඩ යන බන්ධනාගාර ඇතුළුව බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට තම ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන පරිදි වෙබ් අඩවියට සිරකරුවගේ නම සහ අංකය ඇතුලත් කළ පසු ලැබෙන අංකයට දන්වන වෙලාවට සූම් පහසුකම ඔස්සේ සම්බන්ධ විය හැකිය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා,

“පවතින තත්ත්වයත් සමග අපි සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීමේ අවස්ථාව සකස්කරලා දීලා තියෙනවා. ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගිහින් සිරකරුවගේ නමයි අංකයයි ඇතුළත් කළාම අපි නම්බරයක් සහ වෙලාවක් ලබා දෙනවා. ඒ වෙලාවට ආපුවාම සිරකරු සමග කතාබහ කරන්න ඒ ඥාතියට අවස්ථාව තියෙනවා.”

මේ අතර දිවයිනේ සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවත්, බන්ධනාගාර රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර නිරෝධායනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් පමණක් ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09