බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ නිල නිවසින් කෝටියකට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ අතුරුදන්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ රුපියල් 700,000 වටිනා රන් ආභරණ අතුරුදන්වීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ බොරැල්ල මැගසින් බන්ධනාගාර සංකීර්ණය තුළ වන අතර එම නිල නිවස පිරිසුදු කරනු ලබන්නේ බන්ධනාගාර රැඳවියන් විසින් බවයි වාර්තා වන්නේ.

මෙම නිවසේ පදිංචි නිවැසියන් පසුගිය නොවැම්බර් මාසයෙන් පසු නිවසේ තිබූ රන් ආභරණ පරීක්ෂා කර නොමැති බව ද පොලිසිය පවසනවා.

රන් ආභරණ අතුරුදන් වී ඇති බව දැනගත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගේ බිරිඳ විසිනුයි සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ලට පැමිණිල්ලක් කර ඇත්තේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සිරකරුවන් විශාල පිරිසක් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල නිවස පිරිසිදු කර ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව පොලිසිය සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46