බන්ධනාගාර පද්ධතියේ ඇති ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් විමසා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා..

අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටී මෙම සාකච්ඡාවේදි ඊට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලුවා.

එමෙන්ම, බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා,අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.