බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රැස් කළ අයෙක් බෝල සුරේශ්ගේ නිවසින් අල්ලයි

මැගසින් බන්ධනාගාරයේ නියාමකවරුන් ඝාතනය කිරීමට තොරතුරු රැසක් හුවමාරු කර ගත් හඬපට රැසක් අඩංගු ජංගම දුරකථනයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට නීති විරෝධී ද්‍රව්‍ය විසි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාරගතව සිටින “බෝල සුරේශ්” නැමැත්තාගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු සහස්පුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 190ක් ද මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 30ක් වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මොහු 2025.07.07 වන දින ගල්කිස්ස පොලිස් වසමේ වටලප්පල පාරේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයේ යතුරුපැදිකරු බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඉකුත් 06 වනදා මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය ඇතිවීමට දින තුනකට පෙර ඇප මත නිදහස්ව පැමිණි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21