ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම්, පසුගිය 20 වැනිදා පත්වීම් ලබා ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
මීට වසර 30කට පමණ පෙර කාන්තා බන්ධනාගාර නියාමකවරියක ලෙස සේවයට එක්වූ දිස්නා කාරියවසම්, ඉන් අනතුරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකළ නිලධාරිනියක් ලෙස සැලකෙනවා.
පසුගිය දා පැවති තරගකාරී සම්මුඛ පරීක්ෂණය සාර්ථකව සමත් වීමෙන් අනතුරුව, දිස්නා කාරියවසම් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
+1
+1













