බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් – තදබදය 250% කින් ඉහළට

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිහිටුවීමේ පවතින පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව පනතක් සකස් කරන ලෙස ලෙස මීට පෙර කෝපා කමිටුවෙන් නිර්දේශ කර තිබියදීත් එම කටයුතු ප්‍රමාදවීම වීම කෙරෙහි කමිටුවේ අප්‍රසාදය පළ වුණා.

ඒ අනුව මෙම කටයුතු අවසන් කිරීම පිළිබදව නිශ්චිත කාල රාමුව සහිත වාර්තාවක් ජූලි 10 වනදා වන විට ලබා දෙන ලෙසටයි කමිටු සභාපතිවරයා නියෝග කළේ.

බන්ධනාගාර තුළ ධාරිතාව ඉහළ ගොස් ඇති බවත් මෙම අගය සාමාන්‍යයෙන් 259%ක අගයක් ගන්නා බවත් ඇතැම් බන්ධනාගාරවල මෙම අගය 300% -400% ක වැඩිවීමක් ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළා.

මේ අනුව බන්ධනාගාර තුළ රැදවුවන් 11762 ක සංඛ්‍යාවක් සඳහා පමණක් ඉඩකඩ පැවතිය ද මේවන විට 26791ක ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටින බවයි මෙහිදී අධිකරණ අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අනාවරණය කළේ.

මෙම සංඛ්‍යාවෙන් 17502ක් රිමාන්ඩ් සිරුකරුවන් වන අතර ඉන් 10470ක්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බව ද මෙහිදී හෙළිවී තිබෙනවා.

එසේම වැරදිකරුවන් බවට අධිකරණයෙන් නියමවූ පුද්ගලයන් 9289ක් සිටින බවත් ඉන් 3569ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බවත් බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. මේ අතරින් 1309ක් දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරතව සිටින පිරිස බවයි මෙහිදී අනාවරණය වූයේ.

දඩමුදල් ගෙවාගත නොහැකි පිරිසට වෙසක් පොසොන් වැනි අවස්ථාවලදී විශේෂ සමාව යටතේ නිදහස් කළ ද නැවත කෙටිකලක් තුළ වැරදිකරුවන් ලෙස බන්ධනාගාරගතවීම විශාල ගැටලුවක් බව ද අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මේ වන විට මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා. මේ අනුව නව මධ්‍යස්ථාන 9ක පුනරුත්ථාපන කටයුතු සිදුවන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. මෙම තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය යෝජනා සහ සැලසුම් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන්ට කමිටුව දැනුම්දී තිබෙනවා.

එසේම මේ වන විට සිටිය යුතු සමස්ත සේවක සංඛ්‍යාව වන 7872න් පුරප්පාඩු 1663ක් පවතින බව ද අනාවරණය වූ අතර මේවා සම්පූර්ණ කිරීමට මෙන්ම සමස්ත සේවක සංඛ්‍යාවේ වැඩිවීමක් අවශ්‍යනම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසටයි කෝපා සභාපතිවරයා උපදෙස් දී ඇත්තේ.

බන්ධනාගාරය තුළ පුද්ගල ශරීර පරීක්ෂාව සිදුකරන සහ භාණ්ඩ මලු පරීක්ෂාව සදහා පවතින යන්ත්‍ර 11කින් 4ක් ක්‍රියා විරහිත බවද අනාවරණය වුණා. මෙම යන්ත්‍ර වසර 10කට වැඩි කාලයක් පැරණි බැවින් අලුත්වැඩියාවට යන වියදමට සාපේක්ෂව නව යන්ත්‍ර මිලදී ගැනීම ලාබදායී බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. මේ අනුව සියලු බන්ධනාගාරවලට අදාළව අවශ්‍ය යන්ත්‍ර පිළිබදව සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

බන්ධනාගාරය තුළ දුරකථන සංඥා ක්‍රියා විරහිත කරන ‘ජෑමර්’ උපකරණ නිසා අවට ප්‍රදේශවල ද සංඥා ක්‍රියාත්මක නොවිීම පිළිබදව මෙහිදී අවධානය යොමු වුණා. දැනට ‍යුධ හමුදාවේ සංඥා බලකාය මගින් මෙම කටයුතු සිදු කරන බවත් අදාළ ප්‍රදේශයට පමණක් ඉතා නිවැරදීව ක්‍රියාත්මක වන තාක්ෂණයක් මේවන විට දියුණු රටවල පවතින බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව අදාළ ආරක්ෂක අංශ සමග මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග මේ පිළිබද සාකච්ඡා කර අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසටයි කමිටුව විසින් උපදෙස් දෙනු ලැබුවේ.

රස පරීක්ෂක වාර්තා පමා වීම පිළිබදව ද කමිටුවේ සාකච්ඡා වකෙරුණා. මෙහිදී රජයේ රසපරීක්ෂක දීපිකා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ විද්‍යාත්මක නිලධාරීන් බහුතරයක් විදේශගතවීම නිසා පුරප්පාඩු 25ක් පවතින බවයි. කෙසේ වෙතත් ලබා දීමට නියමිත වාර්තා ප්‍රමාණය 3944ක් දක්වා අඩු කරගැනීමට හැකිවූ බවත් තවත් නිලධාරීන් 15ක් කොන්ත්‍රාත් පදනම යටතේ බදවාගෙන ගොඩගැසී ඇති ප්‍රමාණය කඩිනමින් අවසන් කරන බවත් ඇය සඳහන් කළා.

එසේම 2021, 2022 වසරවල සාමාන්‍යයෙන් මසකට ලබා දිය යුතු වාර්තා ප්‍රමාණය 1200-1500 අතර වුවද මේ වසරේ මසකට 2500 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් ඇය පෙන්වා දුන්නා. ඉන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සිද්ධීන් බවත් මෙහිදී අනාවරණ වී තිබෙනවා. අවශ්‍ය සේවක සංඛ්‍යාව සම්පූර්ණ කර මෙම කටයුතු විශේෂ කාර්යක් සේ සලකා කඩිනමින් ඉටුකරන ලෙසටයි කමිටුව උපදෙස් දුන්නේ.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධ නිවැරදි පරිගණක දත්ත පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව, ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී සිරකරුවන්ගේ ආහාර සැපයීම සදහා අතාත්වික මිලගණන් යොදා ටෙන්ඩරය ලබා ගැනීමෙන් අනතුරුව ආහාර ප්‍රමිතිය අඩුකිරීම යනාදි කරුණු පිළිබදවද සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23