බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි කියයි

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පණුවන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා සිටියි.

බන්ධනාගාරයට ඇතුළු වී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිදු කළ අපරාධය වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බව එම සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් සිදුකර ඇති බවත් ඔහුට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුන් කියා සිටී.