බන්ධනාගාර ක්‍රමවේදය ගැන පළුඳු වුණු ජනතා විශ්වාසය ඇති කළ හැකි වන්නේ නිලධාරීන්ටමයි – අධිකරණ ඇමති

වර්තමානය වන විට බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය යළිත් ඇති කිරීම නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සමඟ අධිකරණ අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ (23) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි.

බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටළු පිළිබඳ ව මෙහිදී අවධානය යොමු වුණා.

අධිකරණ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ,

”බන්ධනාගාර පද්ධතියේ දුෂණ වංචා අක්‍රමිකතා සිදුවන බවට ජනතාවගෙන් පැමිණිලි යොමු වෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට ඇති ගැටළු සහ ජීවිත තර්ජන වැඩියි. බන්ධනාගාරය කියන්නේ මේ සමාජයේම පැතිකඩක් බැවින් ජනතාව මේ ආයතනය පිළිබඳව අවධානයෙන් සිටින බව ඔබ සියලු දෙනා වටහා ගත යුතුයි. පසුගිය කාලයේ දේශපාලන අතපෙවීම මේ ආයතනය තුළට සිදු වුණා. ඒ වගේම මේ ආයතනය තුළ වංචා දුෂණ සිදුව තිබෙනවා. අපි ඒ තත්ත්වය වෙනස් කර තිබෙනවා. වෙනස්කම් කරන බවට ජනතාවට මේ රජය පොරොන්දු වුණා. බන්ධනාගාරය තුළ සිදු වන දේවල් පිළිබඳව සාමාන්‍ය මහජනතාවට අවබෝධයක් නැහැ. බන්ධනාගාරය තුළ වෙනම රාජධානියක් තිබෙන බවට හා නිලධාරීන්ට අවශ්‍ය දේ පමණක් සිදු වන බවට චෝදනා තිබෙනවා. කාන්තා රැඳවියන්ට සහ තරුණ සිරකරුවන්ට විශේෂ ගැටළු පවතින බවට සමාජය තුළ මතයක් පවතිනවා. වර්තමානය වන විට බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වෙලා. ඒ විශ්වාසය නැවතත් ඇති කිරීම ඔබගේ වගකීමයි. පාතාල ක්‍රියාකාරකම් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වන බවට චෝදනා තිබෙනවා. නිලධාරීන්ගේ සහයෝගය නොමැතිව බන්ධනාගාර තුළට දුරකථන යන්නේ නැහැ. බන්ධනාගාරය පිළිබඳව වු විශ්වාසය නැවත ඇති කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීමක් බව අවබෝධ කර ගත යුතුයි. පසුගියදා ජනාධිපති පොදු සමාව පිළිබඳව ගැටළු ඇති වුණා. ව්‍යවස්ථාව අනුව ජනාධිපති සමාව ලබා දිය හැක්කේ ජනාධිපතිතුමාට පමණයි. බන්ධනාගාර අධිකාරිවරුන්ට ඒක කරන්න බැහැ. බන්ධනාගාරයේ සියලු නිලධාරීන් දුෂිත බව කියන්නේ නැහැ. හොඳ නිලධාරීන් ඉන්නවා. කිහිප දෙනෙක් දුෂිත නිලධාරීන් නිසාවෙන් සියලු දෙනා අපකීර්තියට පත් වෙනවා. නිවැරදිව රාජකාරී සිදු කරන නිලධාරීන්ට අවශ්‍ය වරප්‍රසාද පහසුකම් ලබාදීමට අපි සුදානම්. අපි ඔබට කියන්නේ වෙනස් වෙන්න කියලයි. වෙනස් වෙන්න බැරිනම් වෙනස් කරන්නත් පුළුවන්. තවදුරටත් වෙනත් පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි බන්ධනාගාර තුළ කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ. ඔබ බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස නිවැරදිව සිය රාජකාරීය ඉටු කරන්න. කිසිඳු නිලධාරියෙකුට කිසිම ආකාරයක දේශපාලන බලපෑම් එන්නේ නැහැ.

ඇතැම් බන්ධනාගාරවල සිරකරුවන් බන්ධනාගාර වහළ මතට නැඟ උද්ඝෝෂණය කරනවා. මේවා වෙන්නේ සංවිධානාත්මකවයි. මාතර බන්ධනාගාර පිළිබදව පැමිණිලි වැඩි වශයෙන් පසුගිය දින කිහිපය තුළ යොමු වුණා. බන්ධනාගාර නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම කර ගෙන යනවා. කිසිම අවස්ථාවක ඔබගේ සේවය අවතක්සේරු කරන්නේ නැහැ. ඔබ සිදු කරන කැප කිරීම අගය කරනවා. බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන් සමාජ මතය වෙනස් කළ යුතුයි. පාතාලයට අවශ්‍ය ආකාරයට අපි බන්ධනාගාරයේ කටයුතු නොකළ යුතුයි. රාජකාරිය සිදු කිරීමේ යම් අපහසුතාවයක් පවතින්නේ නම් එය අපට දන්වන්න. බන්ධනාගාර නිලධාරියා නිසි පරිදි රාජකාරීය සිදු කරන බවට සමාජ මතයක් නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන් බන්ධනාගාර පද්ධතිය තුළ බන්ධනාගාරය පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සිරකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමයට අවශ්‍ය සංශෝධන අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට ඇතුළත් කර තිබෙනවා. එහි පළමු අදියර අනුව වැඩි වශයෙන් අධිකරණයට යොමු වන සිරකරුවන් පිළිඳව සොයා බලා ඒ අනුව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සාක්ෂි ලබා ගැනීමට සැලසුම් කිරීමට හා ඒ සඳහා අවශ්‍ය සන්නිවේදන උපකරණ ලබාදීමට කටයුතු කර තිබෙනවා. එවිට බන්ධනාගාර ප්‍රවාහන පහසුකම් ගැටළුවටත් විසඳුම් ලබා ගත හැකි‍යි..” යනුවෙන්.

බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවේ දී, කළුතර සහ මඩකලපුව බන්ධනාගාරවල ඉදි කිරීම් කටයුතු, බන්ධනාගාරගත සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බැවින් වෙනත් ස්ථානවල පහසුකම් වැඩි දියුණු කර ඔවුන් විතැන් කිරීම, සිරකරුවන්ට සමාව ලබාදීමේ ක්‍රමවේදය, සමාජ මාධ්‍ය හරහා බන්ධනාගාර පිළිබදව අසත්‍ය තොරතුරු ප්‍රචාරය වු අවස්ථාවල දී කටයුතු කිරීම හා සිරකරුවන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩ බලන) නිශාන් ධනසිංහ මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සහ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23