බන්ධනාගාරගත රැඳවියන් 388කට අද රාජ්‍ය සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 දෙනෙකුට අද (12) දිනයේ විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී කාන්තා රැඳවියන් 04ක් සහ පිරිමි රැදවියන් 384 දෙනෙකුට නිදහස හිමිවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා මැයි මස 12 සහ 13 දිනවල අවස්ථාව සලසා දෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ.

එම දින දෙක තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ එම අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්