spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බන්දුලගේ සහන මල්ල අද සිට: එක්කෙනාට එක මල්ලයි: වාසිය 410යි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් සහිතව රුපියල් 1000කට දෙන සතෝස සහන මල්ල අද (1) සිට  සතොස වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වෙළෙඳපොළේ ඇති භාණ්ඩ මිල සහ සසඳද්දී මෙම බඩු මල්ලක් මිලදී ගැනීමෙන් රුපියල් 410ක ලාබයක් පිරිභෝගිකයාට හිමි වේ.

සුදු කැකුළු,රතු කැකුළු,සුදු සීනි,පරිප්පු,පාන්පිට,ලුණු කැට කිලෝව බැගින් ද හාල්මැස්සන්, කෑලි මිරිස්, සෝයාමීට්, තේකොළ  ඇතුළු භාණ්ඩ 12ක් මෙම මල්ලට ඇතුළත් වී ඇතැයි ද වෙළෙඳ අමාත්‍යවරයා කියයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“සතොස වැළඳගත් ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතොස ආයතනය විසින් සහන මල්ලක් හෙට සිට ලබාදෙනවා. ඒ තුළින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 410ක ඉතිරියක් ඇතිවෙන බව තමයි සතොසින් මට දන්වලා තියෙන්නේ.  එක් පුද්ගලයෙකුට එක මල්ලක් පමණයි. දේශීය පොල්තෙල් සතොසෙන් ගන්න පුළුවන් පොල් තෙල්වලට ආදේශක වන සෝයා තෙල් රු.160ක් අඩුවෙන් අපි ලබා දෙනවා. “

SATHOSA 950x1024 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?