බදු පැනවීම ගැන දැනුවත් කිරීමක්

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පවසනවා.

නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද සැළකිල්ට ගනිමින් යම් සහනයක් ලබාදීමට හැකි කෙටිකාලීන ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරිමට අවස්ථාව තිබෙන බවයි සේනානායක මහතා ප්‍රකාශ කළේ.

උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට ඊයේ (06) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක‍ට එක්වෙමින් සේනානායක මහතා මේ බව සඳහන් කළා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය හා මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත් වුණා.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය කපිල සේනානායක මහතා, රාජ්‍ය ආදායම හා රාජ්‍ය වියදම පිළිබඳවත්, වාර්ෂික අයවැය හිඟය පියවා ගැනීමේදී රජය අනුගමනය කරන මූල්‍යන ක්‍රමෝපායන් පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළ අතර කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කරන බවත්, එය අනෙකුත් ආසියාතික රටවලට සාපේක්ෂව ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් වන බවත් පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය, පුද්ගලික බදු තත්වයේ ගැටළු, පුද්ගල ආදායම් බද්දට අදාළ බදු ප්‍රතිසංස්කරණ, පුද්ගල ආදායම් බදු වැඩි කිරීම සඳහා පදනම හා බදු ප්‍රතිසංස්කරණවල ඇඟවුම් පිළිබඳව සේනානායක මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළා.

දැනට ක්‍රියාත්මක වන උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයින් අතර යම් ගැටළුකාරී තත්වයක් පැන නැගී ඇති බවත්, එනිසාම ඔවුන් පත්ව ඇති අපහසුතාව හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පැමිණ ඇති බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා පැන නැගී ඇති ගැටළුවලට විසඳුම් වෙනුවෙන් අදහස් සහ යෝජනා ලබාගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ බවයි ඔහු කියාසිටියේ.

මතුව ඇති ගැටළුවලට ගතහැකි කඩිනම් විසඳුම් හා යෝජනා මෙම සාකච්ඡා තුළින් ලබාගෙන කඩිනම් කෙටිකාලීන විසඳුම් යෝජනාවක් ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් කේ.කේ.අයි. එරන්ද මහතා, නව බදු පනතට අනුව බද්දට යටත් පුද්ගල ආදායම ගණනය කරන ආකාරය, විවිධ බදු පනත් ගෙනහැර දක්වමින් පැහැදිළි කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට එක්ව සිටි වෘත්තිය සමිති නායකයින් කියා සිටියේ මෙම නව බදු ප්‍රතිපත්තිය මගින් පුද්ගල ආදායම මත අයකරන බදු ක්‍රමයේ ගැටළු පවතින බවත්, බදු ප්‍රතිපත්ති සකස් කිරීමට පෙර වෘත්තීය සමිති සමඟ ද සාකච්ඡා කරන ලෙසයි.

අනෙකුත් රටවල් මෙන්ම අයකරන බදුවලට සාධාරණ සේවාවක් මහජනතාවට ලබා දිය යුතු බවත්, නව බදු පනත මගින් වෘත්තිකයින් පත්ව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් වෘත්තීය සමිති නායකයන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

  1. ආචාර්ය කපිලත් ආචාර්ය වෙලා තියෙන්නේ චීනෙන් ගත්ත උපාදියකින්ද දන්නේ නෑ අර මහා ප්‍රාඥ්ඥ චීනෙන් ආචාර්ය උපාදිය ගත්ත බන්දුල වගේ මෝඩ කතා කියන්නේ දකුණු ආසියාවේ ජිවන වියදම ගැන තත්වේ කොහොමද කියලා කියලා නැනේ. බදු විතරක් සාධාරණිය කොරලානේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18