බදුල්ල – මහියංගනය මාර්ගයේ මාරක අනතුරක් (ඡායාරූප)

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල, කයිලගොඩ ප්‍රදේශයේ අද (10) දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලැබුවා.

ලංගම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ 79 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බදුල්ල මූලස්ථාන පොලිස් රථවාහන අංශය මඟින් සිදුකරනු ලබනවා.

බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය මාර්ගය හරහා පනින ලද සුනඛයෙක් බේරිමට උත්සාහ කළ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි බසයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2024 05 10 at 12.46.23 PM
WhatsApp Image 2024 05 10 at 12.46.22 PM 1
WhatsApp Image 2024 05 10 at 12.46.22 PM