spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදුල්ලේ ලංගම හා පෞද්ගලික බස් සේවකයින් අතර ගුටි කෙළියක්

බදුල්ල, මුත්තෙට්ටුව මාර්ගයේ ගමන් ගන්නා ශ්‍රී ලංගම හා පෞද්ගලික බස්රථ රියදුරන් අතර අද (25) පස්වරුවේ ඇතිවු ගැටුමකින් බරපතල තුවාල ලැබු බදුල්ල ශ්‍රී ලංගම ඩිපොවට අයත් රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙක් ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

එම මාර්ගයේ ගමන් ගන්නා බස්රථවල ධාවන කාල සටහන පිළිබඳව ඇතිවු බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වි ඇතැයි ද පොලිසිය සඳහන් කර සිටියා.

එම බහින්බස් වීම දුරදිග යෑමෙන් පසු පෞද්ගලික බස්රථයේ රියදුරු විසින් ලංගම බස්රථ රියදුරු හා කොන්දොස්තර වරයාහට පිහියකින් පහරදීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ඉන් අණතුරුව බදුල්ල ඩිපොවට අයත් රියදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු කාර්ය මංඩලය විසින් එම සිදුවීමට අදාල පෞද්ගලික බස් රථ රියදුරු හට පහරදී බස් රථයට ද අලාභහානි කරමින් එම ස්ථානයේ කළහාකාරි ලෙස හැසිරුණු බව ද පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරයා සමඟ බස්රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් විමර්ශන ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව ⁣බදුල්ල මූලස්ථාන පොලිස් රථවාහන අංශය විසින් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?