බදුල්ලේ ලංගම හා පෞද්ගලික බස් සේවකයින් අතර ගුටි කෙළියක්

බදුල්ල, මුත්තෙට්ටුව මාර්ගයේ ගමන් ගන්නා ශ්‍රී ලංගම හා පෞද්ගලික බස්රථ රියදුරන් අතර අද (25) පස්වරුවේ ඇතිවු ගැටුමකින් බරපතල තුවාල ලැබු බදුල්ල ශ්‍රී ලංගම ඩිපොවට අයත් රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙක් ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

එම මාර්ගයේ ගමන් ගන්නා බස්රථවල ධාවන කාල සටහන පිළිබඳව ඇතිවු බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වි ඇතැයි ද පොලිසිය සඳහන් කර සිටියා.

එම බහින්බස් වීම දුරදිග යෑමෙන් පසු පෞද්ගලික බස්රථයේ රියදුරු විසින් ලංගම බස්රථ රියදුරු හා කොන්දොස්තර වරයාහට පිහියකින් පහරදීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ඉන් අණතුරුව බදුල්ල ඩිපොවට අයත් රියදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු කාර්ය මංඩලය විසින් එම සිදුවීමට අදාල පෞද්ගලික බස් රථ රියදුරු හට පහරදී බස් රථයට ද අලාභහානි කරමින් එම ස්ථානයේ කළහාකාරි ලෙස හැසිරුණු බව ද පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරයා සමඟ බස්රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් විමර්ශන ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව ⁣බදුල්ල මූලස්ථාන පොලිස් රථවාහන අංශය විසින් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04