බදුල්ලේ රෝඩ් ෂෝ අනතුර ගැන සොයන්න විශේෂ කමිටුවක් (ඡායාරූප)

බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් මේ සඳහා පත්කර ඇති බවයි වාර්තා වුණේ.

පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල නිලධාරීන් දෙදෙනෙක් මෙම කමිටුවට ඇතුළත්.

මේ අතර අනතුර සිදු වූ බදුල්ල නව ක්‍රීඩාංගණයේ ස්ථානීය පරීක්ෂණය බදුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා.

බදුල්ල ධර්මදූත විදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කළ රථ පෙළපාලියක් අතරතුර ඊයේ (01) දහවල් කැබ් රථයක් පෙරළීයාමෙන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරෙන් මිය ගියේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. රවිදු සහ හරේන්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30