බත්, කොත්තු, රයිස් ඇතුළු ආහාර පානවල පහත දමන මිල ගණන් සම්බන්ධ දැනුම්දීම හෙට

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළ යාමත් සමඟ ආහාර පාන වර්ග කිහිපක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගිය 06 වනදා සඳහන් කළා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් එහිදී සඳහන් කළේ මෙලෙස පහත දමන මිල ගණන් සම්බන්ධයෙන් අද (08) දිනයේ දී දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් මෙම මිල ගණන් සම්බන්ධයෙන් සිදු කෙරෙන දැනුම්දීම හෙට (09) දිනය දක්වා කල් දැමුණු බවයි අප කළ විමසීමක දී ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද (08) දින ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ආහාර පානවල මිල අඩුවීම සම්බන්ධව තීරණය කරන බවයි.

ගෑස් මිල අඩුවීමේ වාසියත් වක්‍රාකාරව පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු අප කළ විමසීමේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළ යාම හේතුවෙන් බත් පැකට්ටුවක, කොත්තුවක, කිරි තේ සහ ප්ලේන්ටි ඇතුළු තවත් ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහත දැමීමට ආපනශාලා හිමියන් සූදානමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30