බණ්ඩි පොහොර ඉදිරි කන්නයේ දී නොමිලේ ම දෙනවා – අමරවීර

එන කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය බණ්ඩි පොහොර රජය විසින් කිසිදු මුදලක් අය නොකරගෙන ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (28) පෙරවරුවේ තංගල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම සියලු තීරණයන් ගෙන ඇත්තේ භාණ්ඩාගාරය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව බවට ද කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර රබර් වගාව සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම පොහොර සහනාධාරය මෙම සතියේ සිට ම ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන අතර; රබර් වගාව සඳහා යොදන කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසට මේ හේතුව මත කෘෂිකර්ම අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38