බණ්ඩාරවෙල එළවළු තොගපොළේ සූදුපොළක් – 10 දෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල නගරයේ එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලීමට බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ ඒකකය අද (23) උදෑසන සමත්ව වුණා.

එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (23) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted