බණ්ඩාරනායක දිවිපුදා රැක්ක කොළඹ වරාය බිලිදෙන්න බෑ…

එදා බණ්ඩාරනායක අගමැතිවරයා ජීවිතය පූජා කරලා රැකගත්ත කොළඹ වරාය චීනයට හෝ ඉන්දියාවට හෝ කිසිවකුට බිලි නොදී දිවි හිමියෙන් රැකගත යුතු බව හිටපු ඇමැති ඩියු ගුණසේකර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

කොළඹ වරාය ආර්ථික මරමස්ථානයක් වගේම ජාතික වස්තුවක් බැවින් එය රැකගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේද කීය.

ඉන්දියාවේ ප‍්‍රාන්ත 25 ම ගොවීන් අද ප‍්‍රධාන නගරයට එනවා. උද්ඝෝෂණය කරනවා ‘අම්බානිට’ හා ‘අදානිට’ එරෙහිව. ඒ දෙන්නගෙන් එක්කෙනකුටයි අපේ ආණ්ඩුව වරාය දෙන්න යන්නේ. මෝදි අගමැතිවරයා වරාය ගන්න අදානිව නම් කරලාම එවලා තියෙනවා. ඉන්දියාව ඇමෙරිකාවත් සමග අද සෘජුවම සම්බන්ධ වෙලා. නොබැඳි ව්‍යාපාරයෙන් වෙන්වෙලා ඉන්දියාව ඇමෙරිකාව සමග අධිරාජ්‍යවාදී ගමනක් යන්න හදනවා. ඒ නිසා මේ තත්ත්වයට ඉඩ නොතැබිය යුතුයි.

අපගේ පරමාධිපත්‍ය ප‍්‍රකාශ වෙන්නේ වරාය හා ගුවන්තොටුපළ තුළින් රට ඇතුළේ මොන ආයෝජනයක් කළත් අපට ප‍්‍රශ්නයක් නැහැ. වරාය හා ගවන්තොටුපළ අප රට සතුවම පැවැතිය යුතුයි. වරායේ ආයෝජනය කරනවා කියන්නේ වෙනස්ම තත්ත්වයක්. ඉංගී‍්‍රසින්, පෘතුගීසින්, ලන්දේසින් ලංකාවට ආවෙම වරායන් ගැන බලමින්.

කොළඹ වරාය ජනසතු කරනවා කියමින් 1956 දී බණ්ඩාරනායක මහතා බලයට ආවේ. එය මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණේ. බලයට ආවට පස්සේ එය ප‍්‍රධාන ගැටුමක් වුණා. ගැටුමේ නායකත්වය ගත්තේ විමලා විජයවර්ධන මහත්මිය. බුද්ධරක්ඛිත හාමුදුරුවෝ එහි පිටිපස්සේ හිටියේ. හාමුදුරුවෝ කිව්වා වරාය ජනසතු කරනවා නම් මට දෙන්න මම කොම්පැනියක් දාලා හරි වරාය හදනවා කියලා. බණ්ඩාරනායක මහත්තයා බැහැ කිව්වා. මේ වරාය ගැටුම නිසා මහජන එක්සත් පෙරමුණ ඇතුළෙත් කැරැල්ලක් ඇතිවුණා. මන්තී‍්‍රවරු 10 දෙනෙක් විතර පක්‍ෂයෙන් දොට්ට දැම්මා. බණ්ඩාරනායක මහත්තයාව හාමුදුරු නමක් දාලා මැරෙව්වා. බණ්ඩාරනායක මහත්තයගේ ජීවිතය නැති වුණේ මේ වරාය හින්දයි. මේක ආර්ථික වශයෙන් මරමස්ථානයක්. එදා රටේ නායකයා ජීවිතය දීලා වරාය බේර ගත්තේ.

මේක අපේ ජාතික වස්තුවක්. අපේ සටන් බිමත් වරාය ගැන ගන්න තීරණය ගැන යළිත් සලකා බලන්න කියා අපි ජනාධිපතිතුමාගෙන්, ඇමැති මණ්ඩලයෙන් ඉල්ලනවා. මේක අලූත් තත්ත්වයක්. වරාය, ගුවන්තොටුපළ චීනයට හෝ කාටවත් දීමට අවශ්‍ය නැහැ.

– divaina

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23