බඩජාරි කමට කළු පාට වූණු මිනිසා

ආහාර පාන සම්බන්ධ උත්සව අවස්ථාවන් සජීවී ලෙස අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන චීන ජාතිකයකුට එකවර කිලෝ ගණනින් ආහාර අනුභව කිරීමේ චෝදනාව මත සිය අවන්හල වෙත පැමිණීම තහනම් කිරීමට චීන අවන්හලක් විසින් පියවර ගෙන තිබේ.

‘කැන්ග්’ නමැති මෙම තැනැත්තා වරක් බුෆේ ක්‍රමයට ආහාර පිළිගන්වන චීනයේ චැන්ග්ෂා නගරයේ පිහිටි ‘හැන්ඩාඞී බී බී කිව්’ මුහුදු ආහාර අවන්හල වෙත ගොස් එකවර ඌරන්ගේ පාදයෙන් තනන ආහාරයකින් කිලෝ එකහමාරක් අනුභව කිරීමේ චෝදනාව මත එම අවන්හල ඔහුට මෙම තහනම පනවා තිබේ. 

මේ වන විට ‘කැන්ග්’ අදාළ අවන්හලේ අසාදු ලේඛනයටද (බ්ලැක්ලිස්ට්) ඇතුළත් කර තිබේ. 

මෙම පුවත චීනයේ ‘වයිබෝ’ සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ පසු මිලියන 250කට අධික පිරිසක් එය නරඹා ඇති බව වාර්තා වී තිබේ. 

‘කෑන්ග්’ විසින් වරක් හැන්ඩාඩි අවන්හලට ගිය අවස්ථාවේදී ආහාර කිලෝ ගණනින් අනුභව කරන බවත් අනෙක් පාරිභෝගිකයන් අඬුවෙන් ඉස්සන් පිඟානට බෙදා ගන්නා විට ‘කැන්ග්’ ඉස්සන් තබා ඇති ට්‍රේ එකම රැගෙන යන බව හෝටල් හිමියා චෝදනා මුඛයෙන් මාධ්‍යට පවසා තිබේ. 

කැන්ග් ප්‍රථම වරට එම අවන්හලට ගිය විට ඌරන්ගේ පාදයෙන් තනන ලද ආහාරයකින් කිලෝ එකහමාරක් හා ඉස්සන් කිලෝ ග්‍රැම් 3.5ත් 4ත් අතර ප්‍රමාණයක් අනුභව කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහු නිසා තමන්ට වරකට යුවාන් සිය ගණනක පාඩුවක් සිදු වන බව හෝටල් හිමියා සඳහන් කර තිබේ. 

කෑන්ග් අදාළ අවන්හලට ගිය විට සෝයා කිරි බෝතල් 20-30 අතර සංඛ්‍යාවක් පානය කරන බවටද චෝදනා එල්ල වී ඇත. 

තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති කැන්ග් තමා වැනි ආහාර විශාල වශයෙන් අනුභව කළ හැකි අයට හැන්ඩාඞී අවන්හල ආසාධාරණ අයුරින් සලකන බව පවසා තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14