spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඩඉරිඟුවලට සහන මිලක් නැහැ – ගොවීන් කබලෙන් ලිපට (වීඩියෝ)

බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් අම්පාර උහනප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ, පෞද්ගලික වෙළෙදුන්ගෙන් තමන්ට ලැබෙන්නේ බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 80ත් 100ත් අතර මිලක් බවයි.

අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බණ්ඩාරදුව ප්‍රදේශයේ ගොවීන් මේ වනවිට බඩඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා.

එක් කන්නයක් සඳහා වගාවට විශාල මුදලක් වැය වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

බඩඉරිඟු බීජ ඇට පැකට් එකක් ඔවුන් මිලදී ගන්නේ රුපියල් 18,000ක් වැනි මුදලකටයි.

බිම් සකස් කිරීම, පොහොර යෙදීම වැනි දෑ සඳහා ද දැරිය යුතු වියදම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි බඩඉරිඟු ගොවීන් මැසිවිලි නගනවා.

බඩඉරිඟු අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැති වීමෙන් ඔවුන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?