බට්ටි එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ජයගෙන එයි (වීඩියෝ)

එංගලන්ත කාන්තා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම අතර අද (09) පැවති තුන්වන එක්දින තරගය ජයගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ ලකුණු 108කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී ලකුණු 226ක් රැස් කළා.

අනතුරුව ලකුණු 227ක ඉලක්කය හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 23යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට ලකුණු 108ක දැවැන්ත ජයක් හිමි වුණා.

මෙහිදී තවමත් 14 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමෝදි මුණසිංහ එංගලන්ත පිළිතුරු ඉනිමට පන්දුවෙන් දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී චමෝදි පන්දුවාර 09යි පන්දු 03ක් යවා කඩුලු 05ක් බිඳ දමමින් එංගලන්ත ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රහණය උදුරා ගත්තා.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම තුන්කොන් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් චමෝදි මුණසිංහ මේ වනවිට කතාබහට ලක්වන චරිතයක් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42